බොල් නඩුව

බොල් නඩුව

හීල් දානෙට බෙදපු කිරිබත් ඊයෙ විදියට ඔහේ තිබුනා බඩේ ගින්දර හින්ද පොඩි බලු පැටවු ටික දන් ගෙයට එබුනා වෙචිචි කලබල බලා දුකටම ගොළු හුලඟ බෝ අත්තෙ හැපුනා මං නිසා හිමි හවස පුද දුන් මලුත් බුදු පාමුලම ඉදුනා විත්තියක් කර බොල්ම නඩුවක සිල් ඇත්තො හොඳටෝම කිපුනට සුන්දරීවත් සිහිවුනේ නැතිවාද ඇත්තට අනේ නුඹලට මුසා ලඟ හිත රිදී හොදටම සාධු පොඩි නම ගමෙන් වැඩියට කෙස් රොදක් මං සිවුරෙ පැටලී ගියපු බුදුගෙයි ඉදන් කුටියට
කවිය බලන්න