වහල්ලු

වහල්ලු

අලගියවන්න මුකවෙටි තුමා

මහ වැව් නිමවා දාගබ් බදවා පිළිම නෙළා සිතුවම් අන්දා හේනේ කුඹුරේ අස්වනු නෙළුවා දහඩිය මුතු වරුසා වැස්සා රජවරු සිටුවරු අමති ප්‍රභූවරු ගත දහදිය බිදුවක් නොහෙළා අප කළ වැඩවල ඔවුන්ගෙ නම් වැල නාම පුවරුවල ඇත ලියලා පරපුරකින් පරපුරකට පවරන හීන ධීන ගති පිසදමලා හෙට දින බිහිවන නව ලොව වෙනුවෙන් දැන්වත් බැල මෙහෙවර නොකරල්ලා 2020.12.17
කවිය බලන්න