පෙරහැර

පෙරහැර

සුදත් දේවප්‍රිය කැලණිය

සීරුවෙන් වඩිනුය පුත රහමෙර නොවී නාලාගිර යදමින් බැදුනද පා යුග නුදුටු සේ යා යුතුය අප බලාපන් දියවඩන උජාරුවට පාවාඩ මත හෙලුබැලි පැටවු දෙපස එතුම් උන් නුදුටු සේ යන ආං මහරජ වාසී විරාජමාන වේවී හේවිසි හොරණැ වී හිත් වේගෙටම තලාවී ඕං නිලමේ පන්තිය පින්තාරු නැටුමකිය රජු ලග තාල වන්නම් පන්තේරු කුමට එතුම් සිනාසෙන්නේ කෙළි කවටට ඉතින් සීරුවෙන් යමු පුත තබා යදමින් බැදුනු පායුග අලුත් හුස්මක් ගෙන තව අලුත් පොලොවක යමු හෙට
කවිය බලන්න