නැතිවුණු අයිඩෙන්ටිය

නැතිවුණු අයිඩෙන්ටිය

නීතීඥ චන්දිම විතානආරච්චි

ලන්ඩන් නුවර ඔක්ස්ෆර්ඩ් වීදියේ හිරු පළා ගිය - අඳුරු දවසක ඉබාගාතේ ඇවිද යන විට නැති වුණා මගේ ‘‘හැඳුනුම් පත" දෙදහස් පන්සිය වසරක් අත්තා - මුත්තා - කිරිකිත්තා පරම්පරාවෙන් පරම්පරාවට සුරැකිව රැකගෙන ආ ‘‘හැඳුනුම් පත " මගෙ අතින් ගිලිහී සැඟවුනා තේම්ස් නදියේ ගං පතුල යට (යහළුවන් මට බැන්නේ මං හිතාමතලම එය විසි කළා කියලයි) දැන් ඉතින් කෝ මට හැඳුනුමක් සභ්‍යත්වයක් - සංස්කෘතියක් ? යුහුසුළුව එහෙත් ඉබාගාතේ ඇවිද යන සහසක් මිනිසුන‘තර එහෙත් නැති - මෙහෙත් නැති සරණාගතයෙක් විලස මම ද ඔහේ ඇවිද යමි වැටුණු තැනක නිදාගමි මව්බිමේ සිඳුණු වැව් පතුලක ඇද වැටුණු ගල් කණුවක මල් ලියකම් පෙළ සිහිනෙන් දකිමි. 'නිහඬ තණ පතකි මම' කාව්‍ය සංග්‍රහය - 2008
කවිය බලන්න