අහස හඩයි මහ මුහුදට ලන්සු තියා

අහස හඩයි මහ මුහුදට ලන්සු තියා

අයෙක් : වැහිළිහිණියනි සක්මන් කල අහස පුරා රැව් දුන්නේද මා දොම්නස ගුවන සරා දරනු බැරුව අහසට පැවරුවේ එදා ඔහුගේ මතකයයි දුටුවොත් කියනු හොදා වැහිළිහිණියෙක් : සක්මන් කරන කළ සිත් සේ අහස පුරා ගැටුණා ගතේ බොහෝ සුසුම් පවන සරා වෙන් කල නොහැක හිමිකරු වෙකු එයට සදා බොහෝ සුසුම් හිනැහෙයි අර මේඝ බදා අයෙක් : මේඝ වලා මට හෙන හත ඉල්ලයිද අහස් ගැබෙත් තුන් ශාපය ඉල්ලයිද නුබ නැති කල වැසි නැත මා මියයයිද මා සුසුමන් බර වී නුබ දෙදරයිද වැහිළිහිණියෙක් : සතුටින් දරා නුඹේ දොම්නස් මේඝ වලා අහස් ගැබට බරවී හිනැහේය සදා වැසි නැති කල නුඹේ දොම්නස් සින්න වෙලා අහස හඩයි මහ මුහුදට ලන්සු තියා
කවිය බලන්න