තාත්තා

තාත්තා

නීතීඥ කල්‍යාණප්‍රිය ජයසුරිය නිව්යෝක් USA

දෙනෝදහක් දන සුවපත් කල ගුණය සවියක් විය දැණුම සම සේ අත් ගුණය පදමට මුසු කලා ඔබ සිත මෙත් ගුණය දුන් ඔසු විය සැමට දිව ඔසුවක ගුණය වා පිත් සෙම් කෝප රුහිරුද විස වන්නේ සිතුවිලි නිසාමය ඔබ නිති පව සන්නේ එනිසයි රස කතා කියමින් පින වන්නේ පද පෙරළියට රුසියෙකු වෙන නැහැ දන්නේ මහ වෙද පරපුරක අභිමානයක් දරා දිලෙමින් බැබළුනේ ඔබ නම් ගොත නොමරා ජීවක වෙද කුලේ කිතු ගොස ලොව පතුරා වෙදකම ගෙන ගියා ඔබ මැති සබය කරා සුරතින් ඔබේ රං කිරි කට ගා ගන්ට සුභ නැකතකින් අකුරක් කියවා ගන්ට ලද ආරාධනා ඔබෙ ආසිරි ගන්ට කවුරුද පැකිළුණේ ඔබ තෝරා ගන්ට කෙළෙහිගුණේ ඇති මුළු වටිනා කමට කරුණා ගුණය මුහුවෙයි උතුරා යන්ට මෙ හැම උතුම් ගුණ සපිරුණු ඔබෙ තෙදට ඔතරම් උවම් රූපක වරුණා කුමට මහ සඟ දෙසට ඔබ මුදුනත් බැඳ ගන්නේ හැකි හැම විටම ගුරු සැළකිළි දක් වන්නේ මව් පිය ආදි සෙසු නෑයින් පුද දෙන්නේ කවුරුන් කියා දීලද අප නැහැ දන්නේ ඔබ පිය දසුන කොයි කාගෙත් සිත් රැන්දේ ඇඳි වත කිරි සුදුය කිසිදා නැත බින්දේ ගෙල වට කොළරයේ රන් බොත්තම බැන්දේ ඔටුන්නක් වුනා ඔබ හට බැඳි කොණ්ඩේ කළු පර්ජෝ රථය ඔබෙ ප්‍රිය වාහනය අංකය ඉ එල් විසිතුන හැත්තෑ නවය රියැදුරු අසුන ඔබෙ ප්‍රියතම ආසනය සුක්කානම දනී එය කැරකුණු විනය ඔබගේ රථයෙ මනහර වූ නළා හඩ හඳුනන්නෝ යෙදී සිටියද කුමන වැඩ නොතකා හරී බුදිමින් සිටින බත් පිඩ බලනට වටී කරනා ආචාරෙ හැඩ කෙසෙල් ගෙඩි දොදොල් මස්කට් වැනි සෑම ඇපල් දොඩම් චොකලට් මෙන් රස කෑම පිටිපස ආසනයෙ පුරවා ගෙන ඒම ඔබෙ චරියාවෙ ලකුණක් වුනි හැම දාම ඔබෙ ගුණයන් මෙපමණකැයි ඉමක් නැත අම්මා නිතර අප වෙත මෙය කියා ඇත එම කාරණා ඇසුරින් හැඩ ගැසුණු සිත අපි නව දෙනා සම සේ සිහි කරමු දත දන් පින් කලේ අම්මා සමගින්‍ ය ඔබ ඒ නම් සසරෙ පැතුමක්මයි නැතිව ලොබ අපි සැනසෙමුය ඔබ දෙපළම නොමැති මොබ වසනුය එක්ව තව්තිස් දෙව් දහම් සබ 16.12.2020
කවිය බලන්න