ටිකිරි ලියා

ටිකිරි ලියා

චන්දන ෆොන්සේකා ලන්ඩනය

ටිකිරි ටිකිරි ටිකිරි ලියා - කළෙත් අරන් ලිඳට ගියා කළේ තියල ටිකිරි ලියා - හොර රහසෙම පැනල ගියා පැනල ගිහින් ටිකිරි ලියා - එංගලන්තෙ නතර වුනා දවසක් දා ටිකිරි ලියා - එහිදි අපට හම්බ වුනා ටිකිරි ලියා වෙනස් වුනා - 'ටිකී ' කියල නම වැටුනා රෙද්ද හැට්ටෙ පසෙක දමා - බෙල් බොටමට මාරු වුනා සිතුම් පැතුම් වෙනස් වුනා - සුද්දෙක් හා හාද වුනා හඳුනාගන්න බැරි තරමට - ටිකිරි ලියා වෙනස් වුනා දවසක් දා ටිකිරි ලියා - සුපර්මාර්කට් එකට ගියා කළයක් දැක ටිකිරි ලියා - මහ හයියෙන් සිනාසුනා පරණ පුරුදු මතක් වුනා - 'කළේට' හිත ඇදිල ගියා 'කළෙත් ' රැගෙන ටිකිරි ලියා - කලාවකට ගෙදර ගියා
කවිය බලන්න