කැමති වුවත් අකමැති වුවත් Lockdown

කැමති වුවත් අකමැති වුවත් Lockdown

සපුමල් බන්ඩාර ලන්ඩනය

හෙමින් හෙමිහිට ගලා ගෙන විත්
වැටී නොවැටී සොයාගෙන විත්
කැමති වුවත් අකමැති වුවත්
බින්න බැසගත්තා

ටිකෙන් ටික දැන් ඇසුර වැඩිමුත්
විටෙන් විට දැන් තරහ යනමුත්
කැමති වුවත් අකමැති වුවත්
ආදරෙයි සිතෙනා

පහු පහු වන විට කොහු කොහු වනමුත්
දිනෙන් දින එකම දේ වන නමුත්
කැමති වුවත් අකමැති වුවත්
කාන්සියයි කියනා.

කවිය බලන්න