"වලස්සුන්" කියන්නේ කවර රූපකයක්ද

රුවන් බන්දුජීව

නික්මගිය පසු වලසුන් බිඳ දමා මධු ජනපද අවස්ථාවක් ලැබෙයි - වැඩකාර මැස්සන්ට නිරවුල්ව කරගන්න - තමන් සමගම සංවාද "වලස්සුන්" කියන්නේ කවර රූපකයක්ද මල් උයන් තුළදි උන් හමු නොවන්නේ මන්ද විත් පුරා උරා බී තදින් මත්වනු මිසක් රැස් කරන යමක් විය නොහැකිදෝ මකරන්ද ? "ඕන වලහෙක් එකයි - මං අනින්නේ දෙකයි" ගොර බිරම් වූ නදින් රැජිණ කෙරුවත් සද්ද වලස් ගඳ දුර තියා ඉවෙන් මෙන් හැඳිනගෙන පිලව් ටික රැකගන්න ඒකි දන්නෙම නැත්ද ? අපේ කඩිසරකමින් අලස වලසුන්ට මිස ජනපදේ අපෙ උන්ට ලැබෙන මොකවත් නැත්ද වලස් නිය පහරකින් ඇද වැටෙන්නට කලින් කල්පනා කරමි මම " ඇත්තටම මං කවුද " ?
කවිය බලන්න