ලන්ඩනයට ගිය පටාචාරා

ලන්ඩනයට ගිය පටාචාරා

පියුමි ජයකලණි වික්‍රම ආරච්චි ලන්ඩනය

ලිඩෝ සිනමාහල ට නුදුරින් බෝ සෙවණ ළඟ අඳුරු නැවතුමෙ කබල් කුඩයක් අත දරාගෙන මග බැලූ ඒ පටාචාරා බොරැල්ලෙන් බස් රියක නැගලා තේම්ස් නදියෙන් මතු වෙලා... මහා බිග්බෙන් කුළුණු යට හිඳ ඉරුනු ඩෙනිමක් ඇඟේ ලාගෙන වසර ගණනක් තැලුණු පියයුරු විවේකී සුවබරින් අතහැර නිදහසේ පා කරනවා චිත්‍රෙකට පණ පොවනවා... මිලක් නැති සුන්දරම සිතුවම් ලංසුවට විකුණලා අහවර පුස්තකාලෙට හැල්මෙ ගොස් ඇය චිත්‍ර ශිල්පයෙ නොයෙක් පසුබිම් සිතින් අල්ලා ගන්නවා හීනෙනුත් එය දකිනවා..... පවුමෙ කාසිය දෙස බලා ඈ කුඩා හුස්මක් ගන්නවා.. එදා විකිණුනු මිලට වැඩියෙන් වැඩි නිසා මෙහි සිතුවමක මිල සිතට සුවයක් දැනෙනවා ඒත් හිත යට රිදෙනවා.. වයස අවුරුදු තුනක කිරිකැටි පුතුගෙ බඩ කට පිරෙනවා..
කවිය බලන්න