පාසල් පෙම් කතා රස

පාසල් පෙම් කතා රස

වජිර ජයවර්ධන

ලියනට ආස කවි කඩදහි පෑන ගෙන පාසල් කාලෙ සිට මගෙ හිත පුරුදු වුන නරකම පුරුද්දක් තිබුනා ඉබේ එන කෙල්ලෙක් දැක්ක විට කවියක් ලියල දෙන පළවෙනි කොලේ දුන්නේ පුංචිම කාලේ පහ වත් සමත් නෑ මගෙ හිත බැඳි ආලේ නම නොකියමි ඈ මවකුයි දැන් කාලේ කොහොමද ලපටි පෙම පෙන දෑ ඒ කාලේ ගමේ පාසෙලෙන් නගරෙට මාරු වුනා ශිෂ්‍යත්වය වෙනුවෙන් පේ වෙන්න වුනා ගීත ගැයූ හීන් පෙමක් පාත් වුනා ඇය මඟ දා මම විභාගෙ පාස් වුනා හයේ වසරෙ මැදි විදුහල වෙත යනවා කෙල්ලො කොල්ලො පන්තියකට සෙට් වෙනවා හිතේ තිබුන හං කිචි ගති නැති වෙනවා යහළු යෙහෙළි බන්දන සවිමත් වෙනවා ප්‍රේම ලෝක නොතිබුනෙ නෑ පපුව කොනේ ඒත් වරට එකකුයි මට පාත් වුනේ වැඩියම නෑ තුනයි එකල සීල් වුනේ ඒ තුන නෙමෙයි මගෙ උර මත පාත් වුනේ ලියනට ගියොත් පෙම් හබ මගෙ නමට වැදී කවියක් දෙකක් නොව පිටු ගණනකුත් මදී දැන් මං හොඳයි වගෙ ලීවට සිලට බැඳී තාමත් කවි කොලේ වට්ස් ඇප් එකේ නිදී... 19/01/21
කවිය බලන්න