ගින්දර සුන්දරි

ගින්දර සුන්දරි

කලාපති ජනාර්ද ආසිරි විජේසේකර කේම්බ්‍රිජ්

කවිකාරියගෙ පද ගෙත්තමෙ තිබෙන දඟ රැකගෙන සඳැස යන විට ඈ උරුම මඟ හයියෙන් හෙමින් මතුවන සිත් මඬලෙ රඟ සියුමැලි ඔබයි බාධක මැද ඇදෙන ගඟ ඔබ නැති වුනොත් අබියස විසි හතර පැයේ සංකා දැනෙයි යෞවන සහ බොළඳ වියේ සද තරු නොමැති මූසල ඝන අදුර රැයේ ඇයි කිවිඳියනි ඔබ ඇවිදින් නොකියා ගියේ කවි ගංඟාවෙි කිමිදීලා පිහිනීම ආදර නදියෙ සුවසේ පෙම් දිය නෑම ඉඟියක් නොකට නෙතඟින් ඉඟිබිඟි පෑම ගින්දර සුන්දරිය මට මතකයි තාම
කවිය බලන්න