ගබ්සා

ගබ්සා

සුනිල් ලීලානන්ද පෙරේරා රත්නපුර

ගැඹුරැති ගල් දෙකඳු පලා උමතු සරින් කඩා වැටෙන දිය ඇල්ලක ඈ සිටියා පෙන පිඩුවක හිනැහීගෙන අඟුරු කකා වතුර බිබී යකඩ යකා කොළඹ දුවන රේල් පාරෙ දැලි ගාගෙන ඈ හිටියා ගල් අඟුරක මස් මඩුවේ අදුරු කොනක පිලී ගදැති කානු තුඩක ලේ ගාගෙන තොල් ව්කාන ඈ හිටියා වේදනාව මහමෙරසේ විඳදරාන නාගස් පෙල සුසුම් හෙලන සොහොන් පොලේ කුරුස වැටක ඈ හිටියා මල් වඩමක පරවීගිය මලක් ලෙසට
කවිය බලන්න