ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

හිතා ගන්නට බැරි තරම් …

හිතා ගන්නට බැරි තරම් …

අරුණ ශ්‍රී එදිරිසිංහ - පන්නිපිටිය
2022-February

හිතා ගන්නට බැරි තරම් අද
එදා බැතියෙන් මෙහෙණි සගමිත්
වැඩම කළ මහ බෝ සමිදු අප
අදත් බුදුගුණ කිරණ සිලිලාරයි

සුදු වතින් සැරසිලා පිදු කුසුමන්
දිවි ගමන අනියතය යන අභිමන්
අරි අටග මග සුසැදි පිළිවෙත
මැදුම්
අම නිවන වෙත ගියේ දුරලා
බැදුම්

මග නොමග නො හදුනනා දනෝ
පිළිවෙත් මගින් ආමිසට ගිජු
වුණෝ
බුදු ගුණ බලෙන් මහ බෝ
සමිදාණෝ
නිසි මගට යොමු කරණු මැන
කරුණාවෙන්

එදා රජ දරුවන්පිදූ බැති පිදුමන්
අද කෙරෙන්නේ විලස අති
සොබමන්
මුදා විපතින් මෙලක පුරවැසි
දනන්
සදා රැක දෙනු මැනවි බෝ
සමිදුන්