ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අසුබ දිනෙක ආ සුබ පැතුමක්

අසුබ දිනෙක ආ සුබ පැතුමක්

පද්මා ජයසිංහ - මහරගම
2023-December

අසුබ දිනෙක ආ සුබ පැතුමක් ඔබ
සුබ දිනයක ආ අසුබ පැතුම ඔබ
ගිලානව දැන් වෙසෙනා බව ඔබ
මා හදවත දුටු අසුබ පැතුම විය

සුවය ලැබූ ඔබ ජනපති අබියස
රජ සැලකුම් මැද පිදුම් ලබන විට
මා දුටු සුබ දසුනක් විය එය මට
අසුබ දිනෙක ආ සුබ පැතුමත් එය

ගෙවුනු යව්වනය, ගෙවෙනා මැදි විය
ඔබේ හඬින් රසවත් විය නොමඳව
ඔබේ මුව’ග රැඳි සුමියුරු ගී හඬ
දෙසවන් සනහන පවන් රැලක් විය

එවන් සුවය ලැබු මාගේ දෙසවන
ඔබගේ ගීයෙන් යළි යළි ඉපදින
කෙසේ ගයන්නද ඔබ හට තුති ගී
මගෙත් ආයු ගෙන දිවිමග යනු මැන.