ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අකීකරු දීගය

අකීකරු දීගය

වෛද්‍ය ශ්‍යාම කුමාර මුණසිංහ - කොල්චෙස්ටර් - එංගලන්තය
2023-August

සොඳුරුම හැඟුම් මිණි සේ කිරුළක රන්දා
කඳු මෙන් උසට සෙනෙහස හදවත වින්දා
සිඳුනත් ගතේ වෙර දැන් හම රැලි කැන්දා
පඳුරක් ගානෙ මල් පිපුණේ ඔබ හින්දා

නිවසම එළිය කළ දූ පුත් කැලක් වෙත
කළ හැමදේම ඉර හඳ සේ මතක ඇත
නරකම දිනෙක රිදුනත් වැරදිලා හිත
දිගටම ඉන්න තිබුණා අත නොහැර අත

පමණට වැඩිය මල් තිබුණත් දෑත රැඳී
හිතකට පෙමට ගළපන්නට එයත් මදී
නැතිවට පිණක් ඉන්නට එක ළඟට වැදී
ඉඳහිට දිනක එමි යන්නට හුළඟ වැදී