ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

හරිතපත් තැවුල්

හරිතපත් තැවුල්

වෛද්‍ය ශානිකා ඇන්තනි - ලන්ඩනය
2023-December

හරිතපත් තැවුල්

වියැකෙනු කෙසේ

මෙලෙසට

හැම කොළයම

කහපාට

කාලයක් හිටියනෙ

හයියට

ගහ උස් මහත් කලේ

මොනවට

අවසන් සුසුම්

කහ පාටින් බිම

වැටෙන පත් තුරු

තුරුළු කරන් මිහිමත

ආරාධනා පිවිතුරු

හසකැන් පාන පත්ඉරු

සයුර විසිතුරු

අන්‍යෝන්‍ය පෙමින්

විඳින අවසන් සුසුම් නිරතුරු

ධනාත්මක සිත්තම්

ජීවිතය

මොණර පිලක්

සැහැල්ලූව

අමබිඳක්

වුවත් මියෑදෙන

නිමේෂයක්

කර ගමු සතුටක

උල්පතක්

Shani – 14/11/23