ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මනුදමට මල් දමක්…..

මනුදමට මල් දමක්…..

ලලනී ගීකියනගේ - රත්නපුර
2022-May

මූකල හිරු දවයි ගත දාදිය දවන…!
නා පාසැති ” අරුණ” දිවපුත් සේ සොඳින…!
මේකුල ඇතු දවන රුදු දාහය නිවන…!
දුර්ගය පසු කරන දිවයුරු රඟ සොබන…!

මනුදම් සුරැකි වත ගවු ගණනකට දුරින්…!
මිතුදම් ඇතිව තෙපලන බස මියුරු සරින්…!
දියදම් කරකැවෙයි පින් පවු හැඳින හොඳින්…!
ලියකම් අරුමයක අසිරිය විඳිමි තොසින්…!

වියත දැනුම් සාගර දිය කළඹවන…!
පැවත ආ ලෙසින ගෙන යන මහරුමිණ…!
පුවත කණ වැකින “ඇමතුම” ඇසුර වන…!
නියත “මනු දමට ” මල්දම් පළඳවන…!