ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

~ වැට නොබැඳි කට වටා දමා ගැසු නිරායුධ ! ~

~ වැට නොබැඳි කට වටා දමා ගැසු නිරායුධ ! ~

චරිත් හිරිපිටිය - ර/ඇඹි/ශ්‍රී බෝධිරාජ විද්‍යාලය
2023-June

උදෑසනම මරණයකි !
කවුරුන්ද ?
ඔහු, “ඔහු” නම් විය.
මරණයට හේතුව නම්
කවුරුන් දනී ද ?
කාමරයක් තුළ
මොහු මරා දැමුමේ
කවුරුන්ද මේ ලෙස ?

ලේ විලකි දැන්
මුළු යහනම,
හිත හදාගෙන
සැරසුණා මං විපරමට…

බිම වැතිර සිටි
ඔහුට මම ළං විය.
නිසසල වුවත්
ඇසෙයි තව මට
ඔහු හදේ කෙඳිරිය…
” අනේ දෙවියනේ,
කැපුම් තුවාලන
මුළු පපුවෙම ! ”
ඉබේටම වගෙ
කෑ ගැහුනා මට…

ලියමින් සිටි කවියක්
බොඳවී පෙනුණි ලාවට.
ලෙයින් තෙත් වී
මැකී ගොස්ය
ඇගෙ නාමය.
හැබැයි,
ආදරෙයි කියා
ලියා තිබුණා
හැමතැනම…

තවත් ළං වී
බැලුව විට මට,
දැකගන්න ලැබුණා
තියුණු ආයුධ,
ඇණ තිබුණි
හදවතේ සිදුරක !

ආයුධ කිව්වට
ඇත්තටම මොනවද ?
පෙරදිනයේ
ඈ මොහු වෙත
දමා ගැසු වචන
පපුවේ ම නොව,
තිබුණා බිම හැමතැනම
අහුලාගෙන එකින් එක
කියෙව්වා මම හනිකට,

” අනේ පව් මූ
රිදිලා මුට හොඳටම..! ”

ර/ඇඹි/ශ්‍රී බෝධිරාජ විද්‍යාලය