ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සෙබළියකි මා

සෙබළියකි මා

පද්මසිරි හේරත්
2023-March

වලා වියනක් සේ රැඳෙමි මඟ,
තරු කැලුම් අවුරා කුමුද මත
නැගෙන තුරු පුරසඳ උදාවී ,
පුබුදුවා දිවි මග ඇගේ

කටු පඳුර වෙමි පිපි මලට මා,
දිවා රැය රැකවලෙහි යෙදෙනා
නෙලන තුරු දුනු ශිල්ප දත්,
කුමරෙකු පැමිණ ඇය මතු දිනේ

නිබඳ අතින’ත බැඳ ගියද මඟ,
යෙහෙළියක නොව මා ඇගේ
මවය මා, ඇය මගේ දියණිය,
සරනු වෙනතක සැලෙලුනේ