ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සක්වාලිහිණි හිමියනි

සක්වාලිහිණි හිමියනි

ඩිල්හාන් ෆොන්සේකා - ඔස්ට්‍රේලියාව
2022-December

ගස් ගස් පිරි මැදෙන සුළඟට වැසි අස්සේ
හිරි ගඩු පිපෙන සීතෙත් ගස් ගිනි ගත්තේ
ඇය ළිහිණියකි! තනිවම අත්තක මත්තේ
තටු පෙර වුවත් ඇයි සීතල අඩු නැත්තේ

පොඩි වන රිසින් ඇඳ රෙදි මල් නොවිසිල්ලේ
සුසුමම මිසක කවුරුද පහනට පිම්ඹේ
සීතල ඇඟිලි රත මත මුද්දක කැල්මේ
හිමිකම මිසක නැත භුක්තිය ගැන දැක්කේ

සක්වාලිහිණියනි පියඹන රැය මැද්දේ
නැතිවද බලෙන් පූදන නෙළුමක් දැක්කේ
සිතාරයක තත් සිඳ නැඟ එන සද්දේ
සුසුමව විනිවිදී මේකුළු රෑ තිස්සේ