ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සුනිල් ආරියරත්න නොමැති කලාවක් නෑම තමයි

සුනිල් ආරියරත්න නොමැති කලාවක් නෑම තමයි

මුදිතා ඩයස් - කොට්ටාව
2023-July

කලා සයුරේ කිමිදිලා
එහි රසය මිරිකලා
අමා මී බිදු පුරෝලා
ගෙනෙයි රස කලතලා

ගේ පදින් හිත් කියවනා
රිදෙන තැන් සියුම්ව පිරිමදිනා
ගී ලොවට රස අරුත් පද ගෙනා
ආදරණීය සුනිල් ආරියරත්නා

සිනමා වේදිකාව රසයේන් නහවලා
කලා ලොව නම ඉහලින් ඉසවාලා
සම්මාන පිට සම්මාන උසුලාලා
ලොව සුපතල නාමය ආරියරත්න කරවාලා

සරසවියේ ප්‍රකට මහදුරු ඔබ ම තමයි
සරසවි බිමේ ගිනිසිලුව ත් ඔබම තමයි
කලාලොවේ අසම සම කල කරු ඔබම තමයි
සුනිල් ආරියරත්න නොමැති කලාවක් නෑම තමයි