ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ගුත්තිල කාව්‍යයේ සිත්ගත් කවි

ගුත්තිල කාව්‍යයේ සිත්ගත් කවි

වෑත්තෑවෙ හිමි
2022-April

ගුත්තිල කාව්‍යයේ සිත්ගත් කවි

නිති නිරිඳුගෙ රැකවලෙහි නියුත්තෝ
රුති ලෙස රුපුනො’ද බිඳ ජය ගත්තෝ
පැතිරෙන වෙණ නඳ බැඳුනු සිතැත්තෝ
අතින’වි ගිලිහෙන බව නොම දත්තෝ

නිතර රජුගේ ආරක්ෂාවෙහි නියැලී සිටි,
කැමති සේ සතුරන් ගේ බලය බිඳ ජයගත්
ආරක්ෂකයෝ; පැතිරී යන වීණා නාද කෙරෙහි
බැඳුන සිත් ඇතිව උන් බැවින්, තම අත් වලින්
අවි ගිලිහී වැටෙන බව නො දත්තාහ.