ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අම්මා

අම්මා

වෛද්‍ය ඇනස්ටා නිරෝෂිනී විජේසිංහ - බැසිල්ඩන් එංගලන්තය
2024-February

මුසුකර කිරි සමග නොදෙවැනි ආදරය
කවිකළ නොහැක නුඹ වගෙමයි සාගරය
බිය නොම දැනේ ළං වූවත් මාරුතය
සවි බල ලදිමි නොම පමණකි ජීවිතය

දහදිය සුවඳ ගත සිඹ එන මීවිතය
සිහිවෙන නිතර නිම කරවන ආතතිය
ඇසුරට යෙහෙළියකි සරසා දෙන දිවිය
කොතරම් කවි කළත් ඔබ ගළපනු බැරිය