ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

බිඳුණු විසුරුණු හදෙහි………..

බිඳුණු විසුරුණු හදෙහි………..

කාංචනා පෙරේරා කපුගේ - කොළඹ
2023-February

කෙළවරක සුසානය
දැක දැකත් නොහැරෙමි
මතක පාවඩ මතින්
හෙමි හෙමින් පිය මනිමි
ඇසග නැගි කඳුළු බිඳු
පොරි ලෙසම ඉස්මි
මිය ඇදුනු ප්‍රේමයේ
චිතකයට ගිණි ලමි…..

සබඳ මම නොනවතිමි

බිඳුණු විසුරුණු හදෙහි
නැවත පිරියම් ලමි. ..

කාංචනා පෙරේරා කපුගේ
30-01-23