ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

වාරෙ ඇවිත් …

වාරෙ ඇවිත් …

කේ.පී.එස් සචින්ත්‍රා - හෝමාගම
2024-January

ඈත ඉඳන් සමනළ රැල්
පාව වටින් පෙරහරකට
ගීත බඳිති සිත ම නිවා
වාරෙ ඇවිත් කියනට සිරි පා

සීත ගඟුල සුදු පියවිලි
පේව වියන සමනොළ හිම
වීතරාගි හැඟුම් පුරා
යාව නිවන් වඳිමුද සිරි පා

කුළුණු බැලුම් නෙත’ග මවන
සුමන සමන් දේව රජුනි
රකිනු මැනවි නඩය අපේ
සැදැහැ සිතින් කරනෙමු පිණිපා

Photo: Aarn Giri