ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සිතට විත් එබිකම් කළා

සිතට විත් එබිකම් කළා

දීපා ද සිල්වා - ලන්ඩනය
2023-August

හුස්ම හිර වී
නැවත එන්නට
කල්පයක් කල්
ගත වුණා
මැවූ හැම මහ
හීන කන්දම
දෙපා පාමුල ගිලිහුනා
රළු වදන් ලග
කදුළු ගල් වී
ඔහේ එක තැන
හිරවුනා
හිතේ සැමදා
සිටිය සම්බුදු
බෝධිසත් රුව
ඉරි තලා
නොහදුනන නොපෙනෙනා
යම රජු
සිතට විත්
එබිකම් කළා