ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සැළලිහිණියේ සිත්ගත් කවි – පෙබරවාරි

සැළලිහිණියේ සිත්ගත් කවි – පෙබරවාරි

තොටගමුවේ ශ්‍රී රාහුල හිමි
2021-February

ලොවැ විහිදා සුදු පැහැ සඳ රැසෙව් සැදී
දෙන නොමඳා සිරි සග මොක් සැප නිසැදී
ලද මුනිඳා දම් කඳ පහස මන බැඳී
වඳු දළදා හිමි තෙමහල් පහය රැඳී

රාත්‍රියේ චන්ද්‍රයා පායා එම සඳ රැසින් මුළු ලෝකයම සුදු පැහැයෙන් බබළ වන්නා සේ, ලෝකවාසීන්ට ස්වර්ග මෝක්‍ෂ සම්පත්තිය නිරන්තරයෙන් අත්කර දෙන්නට සමත්වන්නාවූත්, එමෙන්ම බුදුන්වහන්සේ දේශනා කළ සියලු ධර්මස්කන්ධයේම පහස ලැබුවා වුත් දන්ත ධාතූන් වහන්සේ තුන් මහල් ප්‍රාසාදය වෙත ගොස් මිතුර වැඳ පුදා ගනු මැනව.