ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මලේ අයිතිය

මලේ අයිතිය

ජයතිලක කම්මැල්ලවීර
2023-October

පොද වැසි වැටුණා
පොළොව තෙමුණා
තෙමුණු පොළොවේ පැලෑටි මත
මල් පිපුණා

පහත් වී නෙළාගෙන
සිඹින්නට සිතුණත්
පැකිලෙමි, පසුබාමි

‘මල් අයිති පොළොවට
සුවඳ අයිති සුළඟට’