ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ප්‍රේමයේ ගල් තැලුම්

ප්‍රේමයේ ගල් තැලුම්

සචී ජයවර්ධන
2022-October

මම අහන්නද ඔබෙන්
ගිනියම් වන කල්වාරියේ විලාපය අතරින්
කුරුසයේ බර දැනෙන විලාපය අතරින්
මේ දැවෙන ඉර යට සෙවණ හොයන
මග්දයේ මා ප්‍රේමිය
මරියනි….

ප්‍රේමයේ බර ඒ තරම් නම්
ජීවිතේ බර නොතරම්
දරා මරණයෙන් පිබිදෙනවා නම් යළිත්
(අ)පිරිසිදු අතින් නොවන ගල් තැළුම්
ප්‍රේමයක් වෙමු පුනුරුත්පත්තියෙන්

අනේ ප්‍රේමිය…
නොවී ඉක්මන් වී පරිස්සම්
මම රැඳී ඉන්නම් ගන්ධබ්භයේ රූපෙන්……