ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

පාටමල්.

පාටමල්.

ආරි ලියනගේ - ඉතාලිය
2022-March

නෙක නෙක ජාති මල් නොපිපේ එක ගහක
නෙක පැහැ මල් පිපේ විටකදි තනි ගහක
කෙතරම් හැඩවුනත් එක්කර ගෙන පාට
සුවඳට මලේ මුසු වන්නේ නැත පාට.

ආඩම්බරෙන් පිපුනත් රජ උයන් වල
කටු අකුලක මඩ වගුරක කැලෑ වල
සුලඟක පහස මලකට නැතිවුනදාට
පරවී පෙති හැලෙයි නැත බඹරෙකු පහස

තබා සිත් පතුලෙ සිරකර නොපිපුනු මලක සිහිනයක්
බදාගෙන සිඹින්නෙ විටෙක නාදුනා මලක සුවඳක්
මලයි ගැහැණියයි දෙදෙන සඳාතනික බැඳි ප්‍රේමයක්
පෙම් බදින්නට බාඳුරා මලකට සදාකාලික සිහිනයක්.