ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සාසනය පිළියමද?

සාසනය පිළියමද?

චන්ද්‍රා සේනාධීර - නවසිලන්තය
2023-October

ඈතින් ඇදී එන ඒ දසුන,…
තව මොහොතකින් මා ලග

දහවල් දානයට පිසින්නට
පලා මිටක් නෙලාගන්න
මට කල් ඇතිදෝ…….
සැකයෙන් නෙලූ පලාමිට
මල්ලට දමත්ම,. …….
පොඩි සාදු උරහිසට පැන
විසුරුවා පලා මල්ල හැම තැන
මහ හයියෙන් ඉකි බින්දා….
බිම නොපෙරළී මා බේරුණේ වාසනාවකට

ඇයි පොඩි සාදු අඬන්නේ ……..
මං වෙරළු ගෙනාවා පොඩි සාදුට
එපා මට වෙරළු,……..
දෑතින් දෑස් පොඩි කරමින්
ඉකිගසමින් හඬා වැලෙපෙන
පොඩි සාදු මා තුරුල්ලේ,……..

ඕනි මගෙ අම්මා මට
අම්මා ඒවි හැන්දෑවට පන්සලට
නෑ……..
මල්ලියත් අරන් අම්මා යන්නම ගිහිල්ල

සමාවෙන්න ලොකු හාමුදුරුවනේ
කුඩා දරුවන් මහණ කරන්න එපා සසුනේ
රස බොඡුන් නොකෑවට කුසට…..
මවගෙන් ලැබෙන උණුසුම…
මහ මෙරකි ළපටි සිතට

20/09/2023