ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සාමයේ සාතන්:

සාමයේ සාතන්:

සපුමල් බන්ඩාර - ලන්ඩනය
2023-November

මැනිකේ කියා කීවත් ඇය මැනික නොවී
මහතුන් කියා කීවත් මහ බඩපමනී
මිනිසුන් කියා කීවත් කීමට නොවටී
එකෙක් නසා අපි සැනසෙන ලොවක් ඇතී

රටට භූමියට දෙස බස එකතුවෙතී
පාටට හැඩරුවට කුලුපගවෙලා එතී
මිනිසුන් ලෙසට නොව උන්මුන් ලෙස දකිතී
ආගම ජාතිය උල්කොට ඇන මරාගනී

“සාමය සදහා පෙනී ඉන්නා සාතන්
ස්වර්ගය අපාය පෙන්වන මිසදුටුවන්
ජනයා දිනන්නට දතකන පාලකයින්
නිසා වෙන්වෙලා මරාගති මිනිස්සුන්”