ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

රැවටීම

රැවටීම

ආසිරි විජේසේකර
2021-January

කල හොද නරක පසු පස්සෙන් පැමිණිම
නැති කර දමයි හදවතෙ ඇති සැනසිම
මොන දේ වුනත් කල යුතුමයි ඉවසීම
එතකොට නොහැක කා⁣ටත් ඔබ පැරදීම

එක බඩ වැල කඩන් ආ සොයුරන් වාගෙයි
කල් ගෙව් මතක මනසෙ සිතුවම් වාගෙයි
සමහර විටදි නොදැනිම මගෙ සිත පෑරෙයි
කාටත් හොරා නෙතඟින් කඳුලක් ⁣බේරෙයි

එකෙකුට කියු දෙයක් තවෙකුට පැවසීම
වරදක් නොවෙද එය වෙනවනෙ ගැරහීම
පිපුණොත් මලක් නියතය එය පරවීම
හොද නැත කරන්නට කවුරුත් රැවටීම