ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සම්බුදු තෙමඟුල………..

සම්බුදු තෙමඟුල………..

ඒ.එම්.අබේසිංහබණ්ඩා - කොළඹ
2021-August

සුරලොව සුරසැප අතහැර මිහිබට
දඹදිව සුදොවුන් රජුහට පුතනුව
බිසවුන් මායා දේවිගෙ කුසතුල
පිළිසිඳ ගැනුනේ පින්සරු කුමරුන්

දසමස ගෙවලා සියපුතු ලැබුමට
මව්පියො දැකුමට දෙවිදහ යනමග
පෙරහැර සරුකල පිරිසද සමගම
දේවිය සපැමුණි ලුම්බිණි උයනට

සල්ගස අත්තක් පහතට නැමුවා
සල්මල් නෙළුමට දේවිට සිතුනා
නෙලමින් සිටියදි බිසවුන් සල්මල්
සලිතව මිහිකත පිළිගති කුමරුන්

වලඳා කිරිපිඩු සුජාතා දේවිගේ
තලියත් පාකර ගඟදිය ඉහලට
පරදා දසබල මරුවන් ගඟබඩ
ලැබුවා බුදුබව සඳනැගි යාමෙට

බෙදමින් දම්රස තුන්ලොව සැනසූ
පන්සාලිස් වසඅවසන එළඹුණු
වෙසක් පොහෝදින පුන්සඳ පෑයු
පිරිනිවුනා අපේ සම්බුදු සමිඳු……..