ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

වෙනස

වෙනස

නිලන්ති පෙරේරා - කඩවත
2021-July

ඈත මිහිදුම් අතර සුපුන් සඳ හිනැහුනා
සීතලට ගත වෙලී මද නලද හිනැහුනා
සේපාලිකා මලක්..පෙති විදා හිනැහුනා
රාත්‍රිය නිහඬ වි කවි සිත ද හිනැහුනා

සැහැල්ලුව සතුට පිරි.ගෙවු යුගය සිහිවුනා
මුළු ලොවම දැදුරු කල රෝ බිය ද සිහිවුනා
ඉසිඹුවක් නැතිව යන මේ යුගය සිහිඋනා
හැමදේම වෙනස් උනු ..ජීවිතය සිහි උනා

Zoom ..වල මුවාවී…විවේකය නැති උනා
නෙත් කෙවෙනි තුල රැඳුනු කාන්තිය නැති උනා
ගිම් නිවා…සතුටු විඳි .ජීවිතය .. නැති උනා
Zoom..වල ගෙවෙන කල සුව නින්ද නැති උනා

නිහඬවුනු.කැදැල්ලේ..හිනා මල්.. වියැකිලා
Zoom තුල ..සිරගතව .සොඳුරු විය වියැකිලා
රස හැඟුම් රූ මවන….සිතිවිලි ද .. වියැකිලා
සෙනෙහසේ ගංතෙරේ.. මදනල ද වියැකිලා

රෝ බියෙන් මුලු ලොවම මිදෙන දින ලං වෙලා
සතුට මුවඟින් හෙළන සිනහවන් හමු වෙලා
සුසුම් සැනසුම් ලෙසින් හෙලන්නට හැකි වෙලා
යුගය..යලි එන.. දිනක් පතන්නට හුරු වෙලා