ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ස්වර්ණා කහවිට සමු ගත්තාය

ස්වර්ණා කහවිට සමු ගත්තාය

රාජ්‍ය කලාභුශන, කිවිපති සාසනකීර්ති-දේශාභිමානී ඩබ්ලිව් .කේ .සරත් විමලසිරි
2022-June

හැටේ හා හැත්තෑවේ දශකයේ
ස්වර්ණ යුගයක අසිරි විහිදුනු
සිහළ සිනමා අසපුවට ආ..
යවුවනිය මුල් වරට
“වෙසතුරු සිරිත” තුළ
සුළු චරිතයක් හා
පසු ගමන් ගිය එවක තරු මැද
වරෙක සුපහන් පුරසඳක් සේ
ස්වර්ණා කහවිට නමින් වූ
සොඳුරු රංගන වේදිණිය අද
කාලයක් අසනීපයෙන් සිට
තිර ‘ඹරෙන් සමුගෙන ගියා නොවැ
රංග ප්‍රතිබා ප්‍රබා විහිදා

‘බිනරමලි’ යේ බිනරමලි සේ
සුවහසක් සිත් සනසවාලූ
විරල ලාලිත මධුර රැගුමට
ඔබ ලැබූයේ හොදම නිලියට
උරුම සම්මානය එදා
ඉදිරි ගමනට බල ලබා

පනස් වසරක දුරාතීතයෙ
අර්ධ ශතකයකට ළගාවු
ඔබේ රංගන සොඳුරු දිවියේ
තැබූ සටහන් ලියැවිලා ඇත
සිහළ සිනමා තිරපතේ
‘රහස් දූපත’ , ‘සිරිල් මල්ලී’
‘අබිරහස’ හා ‘දයාබර නිලු’
‘රෑන ගිරවු’ න් සමග ඔබ බැදි
නැගී ‘රන් ඔන්චිලි’ දිගේ
ගිය අතීතය මතකයේ ඇත
තවත් කල් සහසක් පුරා

2022.05.27