ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

වෙනස් ලියා

වෙනස් ලියා

වෛද්‍ය ශානි ඇන්තනි - ලන්ඩනය
2021-November

දම් පාට මල් ගොඩක

සුදු මලක් හොයනවද?

එක ලෙසට පුසුඹ මල්

වෙන පුසුඹ හොයනවද?

මලක් අතර තුර

තව මලක් හොයනවද?

මල්, මල්ම අතර තුර

බඹරෙක්ව හොයනවද?

තලෙළුවට පිපුනු මල්

‘සුදු’ වෙන්න හිතනවද?

කැරලි වු කොණ්ඩයක්

කෙලින් කර මදිනවද?

උස මදියි හිතාගෙන

අඩි උසට දානවද?

තෘප්තියම පෙනි පෙනී

අඩුවක්ම දකිනවද?

දැවටෙනා සතුට ඔහෙ

නොදැනීම ඉන්නවද?

ඔරවනා හැම විටම

ගිනි පුපුරු පනිනවද?

ලුහු බැන්ද ආදරය

සමු ගනියි හිතෙනවද?

අල්ලා ගත්තු අත

අත නොහැර ඉන්නවද?

– 07/08/21