ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

රේල් පාර මමයි පහස විඳින උඩරට මැණිකෙ ගේ

රේල් පාර මමයි පහස විඳින උඩරට මැණිකෙ ගේ

අනුර හෑගොඩ
2021-August

රේල් පාර මමයි
පහස විඳින උඩරට මැණිකෙ ගේ
ඇගෙ ගමන හරි අගේ

නෙත් කොණින් බලා
පිටුපා යයි රුහුණු කුමාරී
අත්වනා සමු ගනිමි
රතු එළි වැටට මුවාවී

පිච්ච මල් ඉසීවි යාල්දේවි
සෙමින් සිනාසී
කොච්චරකල් සිටියත් ඈ
අහලකට නොඒවී

ගායනය; විශාරද එඩ්වඩ් ජයකොඩි
සංගීතය; ආචාර්ය රෝහණ වීරසිංහ

(නුදුරේ දී නිකුත් වීමට නියමිතයි)