ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

නන්දා මාලිනී මහත්මියට උපහාරයක්

නන්දා මාලිනී මහත්මියට උපහාරයක්

අමිතා පද්මකුමාරි
2023-December

මුදු මොලොක් ලෙස
කළඹමින් හද
ප්‍රේමය රැගෙන විත්
ගයන්නී ඇය

පවන් රැල්ලක් සේ
තැවුණු දැවුණු සිත්
සනසමින් නිඹද
ගයන්නී ඇය

අකුණු සැරයක් සේ
නිදාසිටි මන පුබුදුවා
නැණ පහන් දල්වා
ගයන්නී ඇය