ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

වැස්ස සහ මිනිසා

වැස්ස සහ මිනිසා

කිවිපති - සනත් පියසේන
2021-November

“නැත දිය බිඳක්වත් බොනු පිණිස තිබහට
ගොවිතැන් බතක් වත් කරගනු නොහැක අපහට
කරුණාබරව දහසක දිවැස යොමුකොට
වැසි පල දෙනු මැනව” වැඳ වැටෙමු දෙවිඳුට

දිව නෙත් යොමු වුණා මෙත කුලුණ පැතිරිණ
වැසි පල දෙනු පිණිස දෙවි සුරත යොමුවිණ
සතහට සුවය සැනසුම සතුට ලැබ දෙන
කළුබර වෙලා සැනකින් අහස ඉතිරිණ

දේවාලයෙන් පිටවනු නොහැකි තරමට
මහ වැසි තදය – මඩ වී තිබෙයි වටපිට
පය තැබුමටත් බැරි තරමටය එළියට
“චිහ් මේ ජරා වැස්සක් ” නැගිණි මුවඟට