ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ඕනමයි ඇස් දෙකක්

ඕනමයි ඇස් දෙකක්

වජිර ජයවර්ධන
2023-March

මාළිගා රැජිණටත්
තේ කඩේ සොපියටත්
මෝස්තර ළදකටත්
තනිව වැඬි වැලකටත්
හුස්ම ගන්නට ටිකක්
ඕනමයි ඇස් දෙකක්

තරු රටා අතර හිඳ සැගවෙන්න
හඳ එළිය මිහිරි ලෙස විඳගන්න
මිය ඇඳෙන සිරුරකට යළි එන්න
ප්‍රේමයක් ඇවැසිමයි පවතින්න…