ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

තුති මල් මිටක්…..!

තුති මල් මිටක්…..!

ලලනී ගීකියනගේ - රත්නපුර
2023-November

මතක් කරනට ඇතත් රිසි විලසේ..
දිනක් අරුණළු මුදුන්වන දවසේ… පතක් මදනල මුසුව සම විලසේ….
සඳක් පායා තවත් දවසක , අහස් කුස දිලිසේ…!

විලක් හිනැහේ තඹුරු යායක් සේ… රතක් අහසේ හිරුට අවනත වේ.. තොසක් නොවිඳින ජීවිතය සැඩවේ…
දුකක් නොපතන සිතක් නොරිදේ, අතීතය හිනැහේ..!.

හුඟක් කළුවර රැයක් නිසසලසේ..
රළක් නොබිඳී ඇදී දියඹටයේ…
මිටින් හලවිට කුරුළු රෑනක් සේ..
ඇවිත් අතලඟ ගී ගයන්නට, තුරු හිසක ගැවසේ..!

කාලයේ ගං තලාවේ වැතිරී…
තාලයේ වීනාව මනමත් වී…
මාලයේ මුතු ලෙසට එක් රොක්වී.. ආලයේ රස බෙදා දුන් හැටි , පරපුරම එක්වී…!
.