ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මට ඇසේ කූජනය සවන්පත් අරා

මට ඇසේ කූජනය සවන්පත් අරා

ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ - ලන්ඩනය
2023-December

දිළිඳු කමේ කළු මේඝ තලා
පෑයූ අයුරු එදා
දිවිය අහසේ අනන්තයෙ හි
දිරිය සෙනෙහේ සලා

සෙනෙහසට ඔහු නමින්
ගයයි ඇය ගී පෙමින්…

ඔබේ දෑතේ රැඳුණු සලුපිළි
ඇඟිලි පොරබැද මැකූ හෙළුවැල
නිවාලන්නට ඇගේ කුසගිනි
උගෙන ගන්නට “අ” යනු “ආ” යනු
මැළි වුණා නම් නුඹේ හදවත
දහස්වර මැරි-මැරී උපදිනු
නොඅනුමානයි පියතුමාණෙනි!

සෙනෙහසට ඔහු නමින්
ගයයි ඇය ගී පෙමින්…

සුගුණ ගීයක් මට ගයන්නට
ලැබුණු ඇරැයුම අගැයුමක් වී
ඔබෙන් උදුරා ගතිමි දිවි හඬ
සොරකමට නොව සෙනෙහසට ඔද!

ඒ හඬයි මේ ඇසෙනුයේ
ඒ හඬයි මේ ඇ‌සෙනුයේ

දිවියෙ මැද මාවතේ දරදිය
ඔබෙ දිරියමැයි මගේ ඩහදිය
අරුමයක් සේ මට ද දිස් වී
උරුමයක් වූ අයුරු සිත් දී!

ඒ හඬයි මේ ඇසෙනුයේ
ඒ හඬයි මේ ඇසෙනුයේ

සෙනෙහසට ඔහු නමින්
ගයයි ඇය ගී පෙමින්…

01.12.2023

***