ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

වළා රොදකට දුක කියන්නම්….!

වළා රොදකට දුක කියන්නම්….!

ලලනී ගීකියනගේ - රත්නපුර
2024-February

මදක් සෙනෙහස නොපෙන්වා දුන් , සෙනෙහසක වරුණේ….!
හිතක් ගොළුකර සිරකලා ඒ , සුපෙම්වත් දසුනේ…!
බිඳක් සුරැකිව තබා ගත්තත් , අයිති නැති විමනේ..!.
ටිකක් මුණිවත රැඳීයන් , ඉටුවනා තුරු සිහිනේ….!

කොතෙක් දොඩමළු උවත් ආගිය , ගමන් යලි විමසා..!
ලතෙත් හදකට දුකත් උරුමයි , රිදුම් පිනි වරුසා…!
පසක් කළ අනුරාග සිත් හල ,මුණිවතින් ඉවසා…!
යලිත් එනතුරු මග බලන්නම් , මුහුල මල් ගවසා…!

මුදු සරින් සිත් පතුල කැළඹූ , ගී නදින් මත්වී…!
සඳ කැළුම් ඉහිරෙනා රැයකදි , සිනාවෙමු තොස්වී…!
වලා රොදකට දුක කියන්නම් ,මදනලට එක්වී…!
වෙලාගත් තනිකමයි පාළුව,දුකින් මුළුගැන්වී….!

2023.01.29