ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ප්‍රේමණීය මෝසම

ප්‍රේමණීය මෝසම

WGD තාරක
2023-September

ගිම්හානයේ නව දවසක ඇරයුම ලබලා
ඉරු රැස් දිලෙයි පෙරදා නැති සැර මවලා
වියලුන පොලවේ උනුසුම සුසුමක දැනිලා
කවි සිත තැවෙයි තුරුලිය මල් ගැන සිතලා
මාරුතයට පවා දුක වාවනු බැරි හින්දා
මේකුළු ගෙනාවද අහසම අදුරින් පුරවා…?

මහ වැසි ලගය
මෙරු රැල මරණය පතනා
ජීවය කෙටිය
තණ අග පිණි සේ බිදෙනා
විරහව පවා
ප්‍රේමයෙ ඵලයක් හින්දා
කවි සිත වෙලෙයි
ප්‍රේමය – මෝසම ගලපා

දෑල පිට ගලා ගං දිය ලෙස ඇදෙනා
අසනි වැහි පබළු කෙහෙරැලි සේ දිලෙනා
සීත පිණි වෙලී සියොළඟ හැගුමන් පානා
මේසම් වැසි වසී නුරාවේ රස මවනා…

නීල නිල් තඹර මල සේ පෙනෙනා
ධවල තිසර රැගුමින් මදහස පානා
නග්න තුරුලතා පුළුලුකුලින් ලෙලෙනා
ලියකම් ඇදී ඇත මෝසම් වැසි තෙමනා…