ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ජීවිතයෙ කඩඉමක සිට….

ජීවිතයෙ කඩඉමක සිට….

නිසංසලා දිසානායක - නුගේගොඩ
2021-August

උගත්,නූගත්,උස්,පහත් කම් නොමැති ..
ජීවිතයෙ එක්තරා කඩඉමක ..
හිරවෙලා ,කොටුවෙලා දිවි ගෙවන …
අවිනිශ්චිත මොහොතක අද වගේ..
නිමේෂයකට හිතමු ඔබ,මම..
අනියත,නොතිර බව ජීවිතයෙ ….!

පොදි බැඳන්, වස්තු සම්භාර..
වැජඹෙමින් ඉහළ තලවල ..
හැකිවේද දිනන්නට ජීවිතය …!
මරණය පෙනෙන තෙක් මානයේ ..
රැගෙන යා හැකිවේද කිසිවක්..?

වාද ,භේද ,වෛර පසෙක ලා..
දරාගෙන දෝතින් මිනිස්කම ..
හැකිනම් හිනැහෙන්න සෙනෙහෙන්..
නුඹට ..මට…!
දිනනවා අපි ජීවිතය සත්තයි ..!!

නිරාමිස,අමිල,සතුටක සුව පහස..
දැනේවි නුඹට මට එදිනට ..
තියේවි බොහෝ දේ අපට…
රැගෙන යන්නට නිසැකවම ..
මරණය හා සමඟ සතුටින් ..!