ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලැබේවා සියක් ආයු ….

ලැබේවා සියක් ආයු ….

දීපා ද සිල්වා - ලන්ඩනය
2023-December

කලිල දියෙන්
මතුව
ප්‍රේමය නම් කිමැයි
කියා දුන්නීය
සුර ලොවින් වඩින
මව් සෙනෙහසේ
අරුමය දෝතට
යා කළාය
හිරු සදු එකවර
දෙපස නැගුනද
විජිතයේ කළුවර බව
සිහි කැදවීය
ගලන ගග දිගේ
රම්‍ය වූ සද කිරණ
දිවියට වත් කළාය
දේදුනු පැහැ ආදරය
ගිලිහී ගිය දා
මතක සුලන් පොදක එතී
පැමිණෙන අතීතය
බාර ගත හැකි බව
මතක් කළාය
කවදාවත්ම නොලැබෙන
ආදරය දරා ගැනීමට
දෙබසට වඩා
මුනිවතේ අගය
කියා දුන්නීය
කලකිරුණු මොහොතක
දයාබර වදනකින්
ආත්මය සුවපත් කල හැකි බව
පසක් කළාය
අතීතය ,වර්තමානය
උත්තරීතර අනාගතය ද
ඔබම බව
ඒත්තු ගැන වූ
ආදරණීය මාලිනිය
ඔබට ලැබේවා නිදුකින් සපිරි සියක් ආයු ….