ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

නෞකාවක ස්නේහය

නෞකාවක ස්නේහය

තීෂ්‍යා දුල්මිණි - හෝමාගම
2022-June

ඇද හැලෙන සීතලම – වැහි කෝඩයෙන් තෙමෙන
වියරු වූ සයුරු තෙර – චණ්ඩ රළ පෙරළවන
අසරණ ව සයුර මැද – සෝකයෙන් සුසුම් ළන
නැංගුරම ගිලිහි ගිය – නැවක් විය පාව යන

පුංචි නැව අඳුරේම පා විය
පහන් ටැඹ බෝ දුර ඈත විය
ටැඹට නැව් රුව පෙනෙන්නට විය
නැවේ දුක දැක දෙනෙත තෙත් විය

එළිය ලබනට වරම් ඇති මුත්
ටැඹෙහි අයිතිය නොමැති බව දත්
එහෙත් යන්නට දමා නැති සිත්
නිසා නැව මහ සයුර සිප ගත්