ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මෙයද …දරුපෙමකි..

මෙයද …දරුපෙමකි..

නිලන්ති පෙරේරා - කඩවත
2022-March

මෙයද …දරුපෙමකි..

සුරලොවින් සුර කුමරියන් වඩිනා ලෙසින්…මේ. ..ධරණි තලය ට
ඔබත් ආවේ….අපේ ලොව වෙත සතුට සෙනෙහස එකට කැටි කොට
සුරතල්ව නුඹ වෙලුනි..දෙඅතේ දැනුනි දරුවෙක්. ලෙසින් මා හට
සිගිති නුඹ මෙලොවට අයිති නැති…ලෙසින් . යන්නම ගියා තනි කොට

වේදනාබර රෝ බියක….නුඹ වින්ද දුක් කම් කටොලු රැස මැද
නෙත‍ඟ කඳුලැලි ගලා ගිය “යුරු නුඹට දැණුනිද සෙනෙහෙ අප හද
මෙවන් සෙනෙහස් හැඟුම් ..දුක්බර් බැඳීම් බව හැඳිනුවත් හද මැද
යළි යළිදු ඒ බැඳීම් වෙතටම .. සිතක් ඇදෙනා මහිම.. කෙලෙසද